කොහොමද කට්ටියට, :D ගොඩ දවසකින් මම ebay වලින් ගනු දෙනු කරපු දෙයක් ගැන දාන්න බැරි උනා පොස්ට් එකක්, මම අද ඔයාලට කියන්න යන්නේ මම මේ ලගදි ebay එකෙන් ලංකාවට ගෙන්නගත්තු item එකක් ගැන, ගොඩක් දෙනෙක් ebay වලින් Mobile Phone ගන්න බයයි නේ.. මම හිතනවා මේ පොස්ට් එක කියනවනකොට ඔයලාගේ බය නැතිවේයි කියලා, හරි කතාව මෙහෙමයි :D මට ලොකු අසාවක් තිබ්බා Sony Ericsson x10 Mobile Phone එකට, ඉතින් මම ඔය අතරෙ ebay එකේ පොඩ්ඩක් මේ ෆොන් එක ගැන හොයලා බැලුවා, ලංකාවේ තියෙන ගානට වඩා සැහෙන්න අඩුයි, ඉතින් මම හිතුවා ebay වලින් ෆොන් එකක් ගන්නවා කියාලා, දවස් 2ක් තිස්සේ ebay එකෙ x10 ෆොන් ගැන හොයල බැලුවා ඔයා අතරේ එකකට මගේ හිත ගියා කිසිම අව්ලක් නැ කික්ම තමා, මැක්සා ෆොන් එක, Bid කරන්න තමා තිබ්බේ, මගේ අතේ Internet mony වලින් හොයාගත්ත සල්ලි වලින් $200 වගේ අතේ තිබ්බා,Bid ක්ලොස් වෙන්න පැය 4ක් වගේ තිබ්බා, ඒ වේනකොට උපරිම Bid එක තිබ්බේ $120ට, ලංකාවේ වේලාව තිබ්බේ ඒ වේනකොට පාන්දර 12.10 ඉතින් තව පැය 4ක් ඉන්න තියෙන නිසා මම මගේ අතේ තිබ්බ $200 උපරිම Bid එක විදියට දාලා නිදා ගත්තා, පාන්දර ඇහැරිලා ebay ලොග් වෙලා බැලුවා , $170 Bid එක Win කරලා, අව්ලකට තිබ්බේ ෆොන් එක ඇමරිකන් කාරයෙක්ගේ , පොර කිව්වා ලංකාවට ෆොන් එක USPS වලින් එවන්න වේනම ගානක් දෙන්න වේනවා කියලා, $15 තමා කිව්වේ , මම $185 පේපැල් වලින් පොරට pay කරා,
දවස් 10කින් වගේ නුවර තැපැල් කන්තොරුවෙන් ලියුමක් අවා මගේ item එක තැපැල් කන්තොරුවේ නතර වේලා තියෙනවා අදාල බදු ගේවලා item එක ගන්න කියලා, තැපැල් කන්තොරුවෙදි මගේ ඉදිරියේ Item එකේ box එක කඩලා බැලුවා, (ෆොන් එකක් නේද ?) මෙන්න බොලේ රේගුනිලධාරි තුමා ගත්තු කටට කිව්වා කොලඹ යන්න වේයි කියලා කික්ම තමා , :( TRC එකට ගිහින් අදලා ලිපි පුරවලා අවසර අරන් එන්න කිව්වා ෆොන් එක දෙන්න , මොනවා කරන්නද හෙට කොලඹ යනවා කියලා හිතගෙන ගෙදර අවා. මේ සින් එක අප්පච්චිට කිව්වට පස්සේ, අප්පච්ච් අදුරන මැන් කෙනෙක් Postoffice ඉන්නවා මැන්ට කියලා බලමු කියලා , පහුවදා Postoffice ගිහින් අර පොරව දලා ශෙප් කරලා ෆොන් එක ගන්න පුලුවන් උනා :D රුපියල් 200 බදු ගෙව්වා :lol ෆොන් එක නම් මැක්සා කියලා වැඩක් නැ උපරිම හොදට තිබ්බා,
ෆොන් එකේ SimLock කඩන්න වෙනම $20 ගියා, මට නම් වියදම් උන ගානට වඩා මේ ෆොන් එක සැහෙන්ට වටිනවා, ඉතින් ඔයාලත් eaby වලින් ෆොන් ගන්න ඉන්නවනම් බය නැතුව ගන්න, අව්ලකට තියෙන්නේ ෆොන් එක මට්ටු උනොත් TRC යන්න වෙන එක තමා, අහ් කියන්න අමතක උනා මම ebay වලින් laptop එකත් ගත්තා ලංකාවට අපුවාම එක ගන්න කන කට්ට ගැනත් කියනම්කෝ, :D එහෙනම් ඉලග ලිපියෙන් හමුවෙමු ,
Sony Ericsson XPERIA X10a Sensuous black (AT&T) Smartphone
ඔබට ජය

ebay Sony Ericsson XPERIA X10 Smartphones / Buy it Now



මචෝ Sim Lock එක කැඩුව තැන ගැන කියන්නේ නැද්ද?
ReplyDeletemaxxa aiyye maru phone eka
ReplyDeleteඑලනේ මචන්, මෙක ගන්න පොඩ්ඩක් කට්ට කෑවට ගතපු ගානෙ හැටියට ලබයි මචන්,
ReplyDeleteමමත් ලගදි Samsung එකක් ගත්ත, හැබැයි ඒකනම් අව්ලක් නැතුව ශේප් එකේ ගෙදර ආව...
එල එල මචන් සුභ පැතුම්
මචන් මමත් ඊබේ එකෙන් පාවිච්චි කරපු අයිෆෝන් එකක් ගන්න හදන්නෙ..මාට්ටු වීනැතුව ගෙන්නගන්න මොකක් හරි ජිල්මාට් එකක් දන්නවද?
ReplyDeleteමචෝ අපිට බඩු ගන්න පුලුවන් ලOකාවට Ship කරන්න පුලුවන් කියල දාල තීන අයගෙන් විතරද ??
ReplyDeleteඅනේ අම්මේ උබ ඕක ගන්න කාපු කට්ට අපිනේ දන්නේ :D
ReplyDeleteඅහ්..එල එල..මේ TRC එකට යන්න උනොත් එවුනුත් සල්ලි කඩාගන්නවද??තව ඔය tax එක වටිනාකමෙන් සීයට කීයක්ද වදින්නෙ?
ReplyDeleteMachan Mata Ubawa contact kara ganna One.Email Address Eka Ewapan
ReplyDeleteමම අයියගේ හැම ලිපියක්ම වගේ කියෙවුවා ඒවගේ වටිනාකම කියල නිම කරන්න බෑ ඔහොම දිගටම කරගෙන යන්න.
ReplyDeletekohomadha malli $ 200 net eken hewwe
ReplyDeleteමේකේ අයිතිකාරයාගේ මුණු පොතේ ලින්ක් ඒක මොකද්ද?
ReplyDeleteමමත් අාසයි මේ විද්යට බඩු ගන්න ඒත් ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනනේ නේද?
ReplyDeleteමට කැමරාවක් ගන්න අවශ්‍යෙවලා තියනව මේ විදියට අඩු මුදලකට ගන්න පුලුවන් වෙයිද?
එල එල මචන් මාත් X8 එකක් ගන්න අසාවෙන් ඉන්නේ මට මේක ගත්ත seller කවුද කියල කියන්නකො
ReplyDeleteඅනේ අයියේ ඩොමේන් එක්ක් බ්ලෝග් එකට දාගන් නේ කොහෝමෛද එහෙම
ReplyDeleteදා ගත්තොත් ගූගල් වලම හෝසටින් කරන්න බැරිද ?
දාගන්න හැටි පියවරෙන් පියවර කියල දෙන්න පුළුවන්ද?
අයියේ ebay එකේ ගොඩක් අඩුවට iphones තියනවා. ඒවා ගන්න එකේ අවධානමක් තියනවා නේද?
ReplyDeleteInternet mony වලින් සල්ලි හොයන්න පාවිච්චි කරපු site මොනවාද.
ReplyDeleteඒවා ගන පොඩ්ඩක් කියන්නකො මොකද මමත් Internet mony වලට කැමති උනත් ඒ ගැන විශ්වාසයක් නෑ. හොදම site ටික දෙන්නකො.
මටත් අහන්න තියෙන්නෙ ඔය පුරශ්නෙම තමා..... internet money ඔච්චර හොයාගත්තෙ කොහොමද අප්පා.??
ReplyDeleteNiyamai me lipi nam godak watinawa..digatama aluth lipi daanna..subapethum..
ReplyDeleteDhl වලින් එව්වනම් කොලබ යන්න ඕන වෙන්නෙ නැ..
ReplyDeleteහැබැයි Dhl වලින් ගේනවට වඩා කොලඹ යන එක ලාබයි :)
ReplyDeleteai comment walata reply neththe kagewath
ReplyDeletetrc යන්න උනොත් කියක් කෙලවෙනවද කියලා ඔය අදුරන තැපැල් මාමා ගෙන් අහල කියන්නකෝ
ReplyDeleteඅනේ යාළුවනේ මට ලොකු උදවුවක් ඕනේ..
ReplyDeleteමට රට ඉදල Phone එකක් ආවා. Fedex ප්‍රවාහන සේවයෙන් තමයි ආවේ. ඒ ත් phone එකක් නිසා රේගුවෙන් එවන්නේ නැ... විදුලි සංදේශ නියාමක කොමිසන් සභාවෙන් ලියුම් එහෙමත් ඕනෙලු. මට මේ පිළිබද ලොකු අවබෝදයක් නැ.. දන්න කෙනෙක් ඉන්නවා නම්, මේ විදියට ආපු phone ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්නකෝ...... මේ ගැන පලවෙච්චි ලිපි පිළිබද link එහෙම තියෙනවා නම් ඒවත් එවන්න. (මට comment කරන්න විදියක් නැ, මගේ කොමන්ට් බ්ලොක් කරලා; ඔයාලට පුළුවන් විදියට මට උදව් කරන්න) 072 6985793