Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label ebay. Show all posts
Showing posts with label ebay. Show all posts

ebay Sony Ericsson x10 ජංගම දුරකථනය සහ ලංකාවේ තැපැල 23

bt4u | 8/29/2011 | , ,


කොහොමද කට්ටියට, :D ගොඩ දවසකින් මම ebay වලින් ගනු දෙනු කරපු දෙයක් ගැන දාන්න බැරි උනා පොස්ට් එකක්, මම අද ඔයාලට කියන්න යන්නේ මම මේ ලගදි ebay එකෙන් ලංකාවට ගෙන්නගත්තු item එකක් ගැන, ගොඩක් දෙනෙක් ebay වලින් Mobile Phone ගන්න බයයි නේ.. මම හිතනවා මේ පොස්ට් එක කියනවනකොට ඔයලාගේ බය නැතිවේයි කියලා, හරි කතාව මෙහෙමයි :D මට ලොකු අසාවක් තිබ්බා Sony Ericsson x10 Mobile Phone එකට, ඉතින් මම ඔය අතරෙ ebay එකේ පොඩ්ඩක් මේ ෆොන් එක ගැන හොයලා බැලුවා, ලංකාවේ තියෙන ගානට වඩා සැහෙන්න අඩුයි, ඉතින් මම හිතුවා ebay වලින් ෆොන් එකක් ගන්නවා කියාලා, දවස් 2ක් තිස්සේ ebay එකෙ x10 ෆොන් ගැන හොයල බැලුවා ඔයා අතරේ එකකට මගේ හිත ගියා කිසිම අව්ලක් නැ කික්ම තමා, මැක්සා ෆොන් එක, Bid කරන්න තමා තිබ්බේ, මගේ අතේ Internet mony වලින් හොයාගත්ත සල්ලි වලින් $200 වගේ අතේ තිබ්බා,Bid  ක්ලොස් වෙන්න පැය 4ක් වගේ තිබ්බා, ඒ වේනකොට උපරිම Bid  එක තිබ්බේ $120ට, ලංකාවේ වේලාව තිබ්බේ ඒ වේනකොට පාන්දර 12.10 ඉතින් තව පැය 4ක් ඉන්න තියෙන නිසා මම මගේ අතේ තිබ්බ $200 උපරිම Bid  එක විදියට දාලා නිදා ගත්තා, පාන්දර ඇහැරිලා  ebay ලොග් වෙලා බැලුවා ,  $170 Bid එක Win කරලා, අව්ලකට තිබ්බේ ෆොන් එක ඇමරිකන් කාරයෙක්ගේ , පොර කිව්වා ලංකාවට ෆොන් එක USPS වලින් එවන්න වේනම ගානක් දෙන්න වේනවා කියලා, $15 තමා කිව්වේ , මම $185 පේපැල් වලින් පොරට pay කරා,


 දවස් 10කින් වගේ නුවර තැපැල් කන්තොරුවෙන් ලියුමක් අවා මගේ item එක තැපැල් කන්තොරුවේ නතර වේලා තියෙනවා අදාල බදු ගේවලා item එක ගන්න කියලා, තැපැල් කන්තොරුවෙදි මගේ ඉදිරියේ Item එකේ box එක කඩලා බැලුවා, (ෆොන් එකක් නේද ?) මෙන්න බොලේ රේගුනිලධාරි තුමා ගත්තු කටට කිව්වා කොලඹ යන්න වේයි කියලා කික්ම තමා , :(  TRC එකට ගිහින් අදලා ලිපි පුරවලා අවසර අරන් එන්න කිව්වා ෆොන් එක දෙන්න , මොනවා කරන්නද හෙට කොලඹ යනවා කියලා හිතගෙන ගෙදර අවා. මේ සින් එක අප්පච්චිට කිව්වට පස්සේ, අප්පච්ච් අදුරන මැන් කෙනෙක් Postoffice ඉන්නවා මැන්ට කියලා බලමු කියලා , පහුවදා  Postoffice  ගිහින් අර පොරව දලා ශෙප් කරලා ෆොන් එක ගන්න පුලුවන් උනා :D රුපියල් 200 බදු ගෙව්වා :lol ෆොන් එක නම් මැක්සා කියලා වැඩක් නැ උපරිම හොදට තිබ්බා,


ෆොන් එකේ SimLock කඩන්න වෙනම $20 ගියා, මට නම් වියදම් උන ගානට වඩා මේ ෆොන් එක සැහෙන්ට වටිනවා, ඉතින් ඔයාලත් eaby වලින් ෆොන් ගන්න ඉන්නවනම් බය නැතුව ගන්න, අව්ලකට තියෙන්නේ ෆොන් එක මට්ටු උනොත් TRC යන්න වෙන එක තමා, අහ් කියන්න අමතක උනා මම ebay වලින් laptop එකත්  ගත්තා ලංකාවට අපුවාම එක ගන්න කන කට්ට ගැනත් කියනම්කෝ, :D එහෙනම් ඉලග ලිපියෙන් හමුවෙමු ,

Sony Ericsson XPERIA X10a Sensuous black (AT&T) Smartphone

ඔබට ජය



ebay Sony Ericsson XPERIA X10 Smartphones / Buy it Now



මගේ 3 වන ebay ගමන (Dual Shock USB PC Game Joystick ) එකක් 32

සෑම් | 9/30/2010 |



කොහොමද කට්ටියට..මම තව සැරයක් ebay එක්ක ගණුදෙනුවක් කරා..වැඩේ නම් හොදින් කෙරුනා..මම මේ සැරේ ගත්තේ Dual Shock USB PC Controller Game  Pad Joystick එකක්...තාමත් Computer Games ගහන්නේ නැතුව ඉන්න බැනේ..හික්ස්.:D  ඊයේ තාම මට මෙක ගෙදරටම ලැබුනේ.මට හම්බුන Seller නම් ගොඩක් හොද පොරක් පොර මම කියපු විදියටම මේ Joystick එක මට ගෙදරටම එව්වා..නැත්තම් ඉතින් බඩු ලොස් තාමා..මෙක ගන්න මට වියදම් උනේ $5.95 විතරයි..ලංකාවේ ගන්න ගියානම් එහෙම මෙක ඉවරයි..භාණ්ඩේ ටෙස්ට් කාරලා එහෙම බැලුවා..කියාල වැඩක් නැ මැක්සා..Dual Shock වෙනවා පිස්සු එකයි..ඉතින් ඔයාලත් මෙක ගන්න කැමති නම් මෙන්න මෙතනින්  ගිහින් ebay එකෙන් pay කරලා ගන්න පුලුවන්..අයේ කියාල වැඩක් නෑ මැක්සා කියනේ අයේ උපරිමයි..

Product Feature

Smart design and ergonomic sharp
Compatible with Win 98/2000/ME/XP/Vista
DOUBLE SHOCK
Plug & play
Easy to play game with simply game pad
12 fire button 4 Axis
Support DirectX 7.0 or above
Weight: 210g
Size: 15 x 9 x 5 cm

Packing Content

100% Brand New!
1 x USB game pad double dual shock controller
1 x CD driver

ඔයාලට මොකද හිතේන්නේ මේ ගැන..මතක ඇතුව ඔයාලගේ අදහස් දෙන්න..

ඔබට ජය

මට ebay වලින් ගත්ත Huawei E272 මොඩම් එකත් ගෙදරටම ලැබුනා 34

සෑම් | 9/05/2010 | ,



කොහොමද කට්ටියට...මෙන්න මම තව පාරක් ebay එක්ක ගනුදෙනුවක් කරා..මම කලින් ගත්තා ebay වලින් cooler fan එකක් එකත් පට්ට..පස්සේ මම ගන්න තිරනේ කරේ Huawei මොඩම් එකක්..මට අසාවක් තිබ්බා හොද මොඩම් එකක් ගන්න..අන්තිමට මම එකක් ගත්තා...මම කලින් පාවිච්චි කරේ Dialog එකෙන් දෙන  Huawei 1550 මොඩම් එක..එක කාලයක් පාවිච්චි කරනකොට මට එකෙන් හොද Speed එකක් ගන්න බැරි උනා පස්සේ..මම ebay වලින් මොඩම් එකක් ගන්න හිතුවා..මෙහේ ගනන් වලට වඩා ebay එකේ මාර අඩුයි..මම ටිකක් ebay එක පිරලා මොඩම් ටිකක් හොයලා බැලුවා..ගොඩක් එවා ලංකාවේ තියෙන ඒවා..සමහර එවා මාර අඩුයි..ගොඩක්ම් ගාන අඩු  Huawei මොඩම් නොවන එවා..පස්සේ මම හොයල හොයලා තොර ගත්තා මොඩම් එකක්..මාර පාර මොඩම් එක.එක තාම මම ලංකාවෙදිනම් මම දැකලා නැ..මම තොර ගත්තේ Huawei E272 මොඩම් එක..ඇත්තටම පාර මොඩම් එක..මට ඊයේ තාමා මෙක ගෙදරටම ලැබුනේ.


මේ තමා Huawei E272 මොඩම් එකේ පහසුකම්


HSUPA uplink up to 2Mbps and the HSDPA downlink up to 7.2 Mbps.


Main Features
HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
EDGE packet data service with a maximum downlink transmission rate of 236.8kbps
SMS service
Auto installation, convenient for use

Microsoft Windows requirements:
  • Standard USB interface
  • Microsoft Windows 2000, XP or Vista
  • Microsoft Internet Explorer 5.5 or higher
  • At least 50MB free disk space and 128MB RAM
Apple Mac requirements:
  • Standard USB interface
  • Optimised for Power PC based Macs and Intel based Macs
  • Mac OS X Panther 10.3.9 or higher
Auto switch frequency :YES
WLAN network supported :NO
Package: New in Box ...Comes with the Huawei E272, 1 short & 1 long USB cable and manual... No CD required...


මම පොඩ්ඩක් ටෙස් කරලා බැලුවා speed එක එහෙම තිබ්බ එකට වඩා මැක්සා speed එකක් මෙකේ තියෙන්නේ...මට මේක ගන්න වියදම් උනේ US $49.99 විතර..ලංකා මුදලින් නම් RS:5632 වෙනවා ඉතින් ඔයලත් මොඩම් එකක් ගන්න ඉන්නවනම් බය නැතුව ebay එකේන් ගන්න..කිසිම අවලක් නැ මොඩම් එක ගන්න කලින් Seller ව Contact කරගෙන මොඩම් එක ගැන අහලා ඉන්න..එක කොකටත් හොදයි..


ඉතින් ඔයලට මොකද හිතෙන්නේ ebay ගැන මතක ඇතුව කොමන්ට් එකක් දලා යන්න

ඔබට ජය




ඔන්න මටත් ebay වලින් ගත්ත බඩු ගෙදරටම ලැබුනා 32

සෑම් | 8/20/2010 | ,


කොහොමද කට්ටියට ඔන්න අද මම කඩ්ඩ පෙපර් එක ලියලා ගෙදර එනකොට මෙන්න මම ebay වලින් ගත්ත Cooler Fan එක ගෙදරටම ඇවිත් තිබුනා...මට මාර සතුටක් ඒ වෙලාවේ දැනුනේ..මම ඉතින් එක කොහොමද කියල පොඩ්ඩක් test කරලා බැලුවා..අයේ කියල වැඩක් නැ මැක්සා...මට මේක Ebay වලින් ගන්න ගියේ US $3.69 විතරයි...ගෙදරට එන්න හරියටම දවස් 11 ගියා ඒ තම අද...දැන්නම් ebay ගැන මට 100% ශුවර්...ගන්න බඩු අනිවා ගෙදරටම එනවා..ඔන්න මමත් දැන් ebay ගනුදෙනු කරුවෙක්.ඔයලත් බය නැතුව ebay වලින් බඩු ගන්න අනිවා එවා ගෙදරටම අයේ එනවා..ඒ ගැන අයේ  ශුවර්



ඔයාලට මොනවද මේ ගැන හිතෙන්නේ ? මතක අතුව අදහසක් ඔයලගේ දෙන්න
ඔබට ජය

මමත් සම්පත් Web Card එකක් ගත්තා දැන් නම් ebay සිහිනය බොද වෙන්නේ නැති වෙයි.. 25

සෑම් | 8/06/2010 | , ,




කොහොමද කට්ටියට..අද මට බ්ලොග් එකට ලිපියක් දාන්න හිතුවා..ගෙදර ඉන්නත් මාර කම්මැලි..Clazz වලත් අන්තිම දවස් ටික මේ දවස් ටිකේ මම ගෙව්වේ දැන් clazz ගිහිල්ලත් ඉවරයි...එ මදිවට සදුදා මට විභාගේ...එත් බ්ලොග් එකට මොනවා හරි දාන්න ඔනේ කියලා හිතුනා ඒ නිසා මේ පැත්තට අවා..මිට දවස් ගානකට කලින් මම අහම්බෙන් ebay ගැන ලිපියක් සිංහල බ්ලොග් කරුවෙක් ලියලා තියෙනවා දැක්කා..මමත් ඒ පැත්තට ගිහින් පොඩ්ඩක් ඒ ලිපිය කියවලා බැලුවා...ඇත්තටම මම ඒ ලිපි ටික දැකපුවාවම මට ebay ගැන තිබුන දැනුම තිබ්බටත් වඩා වැඩිවුනා.එ වගෙම ආසවත් වැඩිවුනා..ඒ ගැන ධනික අයියට ගොඩක් පින්...ඒ වගෙ ebay ගැන post එක ලියලා තිබ්බ ලස්සන අයේ කියලා වැඩක් නැ..ධනික අයියා දලා තිබ්බ ebay ,Paypal ලිපි ඔක්කොම මම කියෙව්වා..මට එකෙන් අන්තර්ජාලේ බඩු ගන්න එක ගැන දැන්නම් කිසිම බියක් නැ..ධනික අයියා කියපු විදියට වැඩ ටික කරලා ඔන්න අද මට සම්පත් Web card එක හබ්බ උනා..ඇත්තටම සම්පත් Web card එක Paypal වලට එකතු කරන එකන්ම් කිසිම ගින්නක් උනේ නැ ධනික අයියගේ ලිපි නිසා..ඇත්තටම ධනික අයියට තව පාරක් ස්තුති වෙන්න ඔනේ.
..
ඔන්න කොහොම හරි මමත් සම්පත් Web card එකක් ගත්තා..දැන් ඉතින් මමත් ebay වලින් බඩු ගන්නවා...මේකේ මාර අඩුයි බඩු පිශ්සු එකයි...ඔයාලත් සම්පත්  Web card  එකක් ගන්න ආසා නම් ebay වලින් ගනුදෙනු කරන්න කැමතිනම් ඉක්මනට ධනික අයියාගේ ඒ ලිපි ටික කියවන්න..
අනිවා ඔයාලටත් ඒ ගැන ලොකු දැනිමක් එයි...



ඔයාලට මේ ගැන හිතට එන මොනවා හරි දෙයක් කොටලා යන්න..
මොනවද ඔයාලට ebay ගැන හිතෙන්නේ

ඔබට ජය