Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ebay Sony Ericsson x10 ජංගම දුරකථනය සහ ලංකාවේ තැපැල 23

bt4u | 8/29/2011 | , ,


කොහොමද කට්ටියට, :D ගොඩ දවසකින් මම ebay වලින් ගනු දෙනු කරපු දෙයක් ගැන දාන්න බැරි උනා පොස්ට් එකක්, මම අද ඔයාලට කියන්න යන්නේ මම මේ ලගදි ebay එකෙන් ලංකාවට ගෙන්නගත්තු item එකක් ගැන, ගොඩක් දෙනෙක් ebay වලින් Mobile Phone ගන්න බයයි නේ.. මම හිතනවා මේ පොස්ට් එක කියනවනකොට ඔයලාගේ බය නැතිවේයි කියලා, හරි කතාව මෙහෙමයි :D මට ලොකු අසාවක් තිබ්බා Sony Ericsson x10 Mobile Phone එකට, ඉතින් මම ඔය අතරෙ ebay එකේ පොඩ්ඩක් මේ ෆොන් එක ගැන හොයලා බැලුවා, ලංකාවේ තියෙන ගානට වඩා සැහෙන්න අඩුයි, ඉතින් මම හිතුවා ebay වලින් ෆොන් එකක් ගන්නවා කියාලා, දවස් 2ක් තිස්සේ ebay එකෙ x10 ෆොන් ගැන හොයල බැලුවා ඔයා අතරේ එකකට මගේ හිත ගියා කිසිම අව්ලක් නැ කික්ම තමා, මැක්සා ෆොන් එක, Bid කරන්න තමා තිබ්බේ, මගේ අතේ Internet mony වලින් හොයාගත්ත සල්ලි වලින් $200 වගේ අතේ තිබ්බා,Bid  ක්ලොස් වෙන්න පැය 4ක් වගේ තිබ්බා, ඒ වේනකොට උපරිම Bid  එක තිබ්බේ $120ට, ලංකාවේ වේලාව තිබ්බේ ඒ වේනකොට පාන්දර 12.10 ඉතින් තව පැය 4ක් ඉන්න තියෙන නිසා මම මගේ අතේ තිබ්බ $200 උපරිම Bid  එක විදියට දාලා නිදා ගත්තා, පාන්දර ඇහැරිලා  ebay ලොග් වෙලා බැලුවා ,  $170 Bid එක Win කරලා, අව්ලකට තිබ්බේ ෆොන් එක ඇමරිකන් කාරයෙක්ගේ , පොර කිව්වා ලංකාවට ෆොන් එක USPS වලින් එවන්න වේනම ගානක් දෙන්න වේනවා කියලා, $15 තමා කිව්වේ , මම $185 පේපැල් වලින් පොරට pay කරා,


 දවස් 10කින් වගේ නුවර තැපැල් කන්තොරුවෙන් ලියුමක් අවා මගේ item එක තැපැල් කන්තොරුවේ නතර වේලා තියෙනවා අදාල බදු ගේවලා item එක ගන්න කියලා, තැපැල් කන්තොරුවෙදි මගේ ඉදිරියේ Item එකේ box එක කඩලා බැලුවා, (ෆොන් එකක් නේද ?) මෙන්න බොලේ රේගුනිලධාරි තුමා ගත්තු කටට කිව්වා කොලඹ යන්න වේයි කියලා කික්ම තමා , :(  TRC එකට ගිහින් අදලා ලිපි පුරවලා අවසර අරන් එන්න කිව්වා ෆොන් එක දෙන්න , මොනවා කරන්නද හෙට කොලඹ යනවා කියලා හිතගෙන ගෙදර අවා. මේ සින් එක අප්පච්චිට කිව්වට පස්සේ, අප්පච්ච් අදුරන මැන් කෙනෙක් Postoffice ඉන්නවා මැන්ට කියලා බලමු කියලා , පහුවදා  Postoffice  ගිහින් අර පොරව දලා ශෙප් කරලා ෆොන් එක ගන්න පුලුවන් උනා :D රුපියල් 200 බදු ගෙව්වා :lol ෆොන් එක නම් මැක්සා කියලා වැඩක් නැ උපරිම හොදට තිබ්බා,


ෆොන් එකේ SimLock කඩන්න වෙනම $20 ගියා, මට නම් වියදම් උන ගානට වඩා මේ ෆොන් එක සැහෙන්ට වටිනවා, ඉතින් ඔයාලත් eaby වලින් ෆොන් ගන්න ඉන්නවනම් බය නැතුව ගන්න, අව්ලකට තියෙන්නේ ෆොන් එක මට්ටු උනොත් TRC යන්න වෙන එක තමා, අහ් කියන්න අමතක උනා මම ebay වලින් laptop එකත්  ගත්තා ලංකාවට අපුවාම එක ගන්න කන කට්ට ගැනත් කියනම්කෝ, :D එහෙනම් ඉලග ලිපියෙන් හමුවෙමු ,

Sony Ericsson XPERIA X10a Sensuous black (AT&T) Smartphone

ඔබට ජය



ebay Sony Ericsson XPERIA X10 Smartphones / Buy it Now



Facebook එකේ පරණ Chat Box එක නැවත ගනිමු.. 7

bt4u | 8/05/2011 | , ,



මෙන්න මම ඔයාලට අරගෙන අවා Facebook එකේ අලුත් Chat Box එක වෙනස් කරන්න පුලුවන් Google chrome extension එකක් මෙක වැඩ කරන්නේ Google Chrome Browser එක භාවිතා කරන අයට විතරයි.. මට Firefox එකට හරි යන එක ලැබුනේ නැ.. එක ලැබුනොත් එකත් මම ඔයාලට ලබා දෙන්නම්.. හරි එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන Google chrome extension එක ඔයාලගේ Google Chrome Browser එකට Install කරගන්න..



Extension 1

Extension 2

වැදගත්: ඉහත දිලා තියෙන Extension 1 එක ඔයාලා ඔයාලගේ Google Chrome Browser එකට Install කරලා Chat Box එක හරි ගියේ නැත්තම් Extension 2 එකත් Install කරන්න..මේ Extension දෙකම Install කිරිමෙන් අනිවා පරණ Facebook Chat Box එක ඔයාලට ගන්න පුලුවන්..

මම හිතනවා ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා..නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු..

ඔබට ජය. !