Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මමත් සම්පත් Web Card එකක් ගත්තා දැන් නම් ebay සිහිනය බොද වෙන්නේ නැති වෙයි.. 25





සෑම් | 8/06/2010 | , ,




කොහොමද කට්ටියට..අද මට බ්ලොග් එකට ලිපියක් දාන්න හිතුවා..ගෙදර ඉන්නත් මාර කම්මැලි..Clazz වලත් අන්තිම දවස් ටික මේ දවස් ටිකේ මම ගෙව්වේ දැන් clazz ගිහිල්ලත් ඉවරයි...එ මදිවට සදුදා මට විභාගේ...එත් බ්ලොග් එකට මොනවා හරි දාන්න ඔනේ කියලා හිතුනා ඒ නිසා මේ පැත්තට අවා..මිට දවස් ගානකට කලින් මම අහම්බෙන් ebay ගැන ලිපියක් සිංහල බ්ලොග් කරුවෙක් ලියලා තියෙනවා දැක්කා..මමත් ඒ පැත්තට ගිහින් පොඩ්ඩක් ඒ ලිපිය කියවලා බැලුවා...ඇත්තටම මම ඒ ලිපි ටික දැකපුවාවම මට ebay ගැන තිබුන දැනුම තිබ්බටත් වඩා වැඩිවුනා.එ වගෙම ආසවත් වැඩිවුනා..ඒ ගැන ධනික අයියට ගොඩක් පින්...ඒ වගෙ ebay ගැන post එක ලියලා තිබ්බ ලස්සන අයේ කියලා වැඩක් නැ..ධනික අයියා දලා තිබ්බ ebay ,Paypal ලිපි ඔක්කොම මම කියෙව්වා..මට එකෙන් අන්තර්ජාලේ බඩු ගන්න එක ගැන දැන්නම් කිසිම බියක් නැ..ධනික අයියා කියපු විදියට වැඩ ටික කරලා ඔන්න අද මට සම්පත් Web card එක හබ්බ උනා..ඇත්තටම සම්පත් Web card එක Paypal වලට එකතු කරන එකන්ම් කිසිම ගින්නක් උනේ නැ ධනික අයියගේ ලිපි නිසා..ඇත්තටම ධනික අයියට තව පාරක් ස්තුති වෙන්න ඔනේ.
..
ඔන්න කොහොම හරි මමත් සම්පත් Web card එකක් ගත්තා..දැන් ඉතින් මමත් ebay වලින් බඩු ගන්නවා...මේකේ මාර අඩුයි බඩු පිශ්සු එකයි...ඔයාලත් සම්පත්  Web card  එකක් ගන්න ආසා නම් ebay වලින් ගනුදෙනු කරන්න කැමතිනම් ඉක්මනට ධනික අයියාගේ ඒ ලිපි ටික කියවන්න..
අනිවා ඔයාලටත් ඒ ගැන ලොකු දැනිමක් එයි...



ඔයාලට මේ ගැන හිතට එන මොනවා හරි දෙයක් කොටලා යන්න..
මොනවද ඔයාලට ebay ගැන හිතෙන්නේ

ඔබට ජය

Fb comments:



25 Comment + :

රත්නේ said...

හොදට විභාගෙ ලියපන් සහෝ! Good luck :b

ලසිදු නදීශාන් said...

එල එල,මත් ඊබේ එකට මුලින්ම අඩිය තියපු දවසේ හිතේ බය්ක් තිබුන.මුලින්ම පොඩි දෙයක් අරන් බලන්න.මාත් පොඩි දෙයක් තමා මුලින්ම ගත්තෙ.සුභ පතනව

namila007 said...

එලම කිරිනේ.. මොනාද ඉස් ඉසෙල්ලම ගත්තේ:b.. කොහොම හරි AL විභාගේට මගේන් සුබ පැතුම් :m

dinesh said...

මමත් ගිය සතියෙ used cordless phone එකක් ඕඩර් කලා.ලංකාවෙ ලිපිනයට.ගනන් නම් ගොඩක් අඩුයි තමා.ඒ උනාට කස්ටම් එකෙන් නවත්ත ගත්තොත් තමා ලෙඩේ.බලමු.
ඉතින් තාම මුකුත් ගත්තෙ නැද්ද?

සෑම් said...

@අච්‍චා

අනිවා මචෝ..ස්තුති සහෝ කොමන්ට් එකට..

සෑම් said...

@ලසිදු නදීශාන්
ඔව් මචෝ මමත් එහෙමයි..දැන් නම් නැ..අනිවා මචො මත් මුලින්ම පොඩි එකක් තමා ගන්න ඉන්නේ..hiks

සෑම් said...

@namila007

පොඩි අයිටම් එකකට පේ..කරා,,,බලමුකෝ එයිද කියලා ස්තුහි මචො කොමන්ට් එකට..

සෑම් said...

@dinesh

එල එල මචෝ...අනිවා එයි මචො...ටිකක් බර වැඩි උනොත් තමා කෙස්.....ස්තුති මචෝ කොමන්ට් එකට

සංකල්පනාවක් said...

‍සෙලාන් Debit Card එකෙන් ‍net payments කරන්න පුලුවන් කියල සජිත් කියල කෙනෙක් post එකක් දාල තිබුනා.

මාත් ගත්ත දුවල ගිහිල්ල ‍සෙලාන් Debit Card එකක්... මොන අඩුම තරමේ pay pal account එකක්වත් හදාගන්න බැහැ. ගන්න ඉස්සෙල්ල මම ඇහුව මේකෙන් net payments, domain purchasing කරන්න පුලුවන් නේද කියලත් "අපෝ ඔව් ඕකෙන් පුලුවන් කියල" කාඩ් එක දුන්න.

සෙලාන් බැංකුවේ සේවා ගැන ඉතින් කියල වැඩක් නැහැ ඇත්හැරල දාල නිකම් හිටිය

පස්සෙ නිකමට හිතිල sampath web card එක ගත්ත. දවස් 5කින් විතර card එක ඇවිල්ලත් තිබ්බ. activate කරලත් තිබ්බ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක වැඩ. මම godaddy එකෙන් මේ domain, hosting, ගත්තෙ සම්පත් web card එකෙන්.

අනිත් වැඩ වලටත් සම්පත් web card ප්‍රයෝජනයට ගන්න පුලුවන් වේවි.

Unknown said...

සෑම් සහෝ සම්පත් වීසා කාඩ් එකෙන් වැඩේ කරන්න බැරිද?
වීභාගේ ගොඩදාගන්න ඕන හොදද සහෝ?සුභ පතනවා.ජය වේවා

Unknown said...

නියමයි කොල්ලො හොදට

විභගේ වැඩටික කරගන්න මගෙ සුභ පැතුම්.

ධනික | Dhanika said...

හෆොයි මල්ලියෙ අදනෙ මේ ලිපිය දැක්කෙ... බොහෝම ස්තූතියි මං ලියපු ලිපි ගැන සබැඳීන් එක්කම පළ කළාට... ඔයාගෙ මේ ලිපිය හරහා eBay ගැන ඒ ලිපි පෙළ කියනවන්න සෑහෙන දෙනෙක් මගේ බ්ලොග් සටහනට ගොඩවෙලා තිබුණා... ඉතිං නොදන්න අයට දැනගන්නත් එක්ක මේ ගැන කියපු එකට මල්ලිට පිං...!

මේ දවස් වල විභාගෙ ලියනවා ඇතිනෙ... ඔන්න මමත් සුභපතනවා සාර්ථකව විභගෙ ජයගන්න හැකිවෙන්න කියලා... එහෙනං ජයවේවා!!! :)

pradeep said...

මෙහෙට එන බඩු වලට vat එක වදිනවද මචන්?

කුප්ප වැඩ said...

Payoneer Master Card එක පේපැල් වලට ඇඩ් කරන්න පුළුවන් ද?

Mr.Lock said...

oyaa kohomadha java script ehema danne matath denaganna one puluwannam mata kiyala denawada

සෑම් said...

@සංකල්පනාවක්

ඔව් මචෝ එකනම් ඇත්ත

සෑම් said...

@sriniranjana

thanks you.

සෑම් said...

@පුබුදුවා
සමහර විට පුලුවන් වෙයි සහෝ...

සෑම් said...

@සංජය

ගොඩක් ස්තුති සහෝ

සෑම් said...

@ධනික | Dhanika

ගොඩක් ස්තුති ධනික අයියේ

සෑම් said...

@pradeep

නැ මචො පොඩි බඩු එවට වැට් වදින්නේ නැ

සෑම් said...

@Money

අනේ සහෝ මම එකනම් දන්නේ නැ..සමහර විට පුලුවන් ඇති

Dilusha said...

machooo ada card 1 gaththa ban habai adama active marai...dan paypala wala confirm sidiya tikak wenas aunata aulak na..wade karaganna puluwan...tnx macoo...badu awa gaman comment 1 kdannam tnx a lot....

Anonymous said...

මට හිතෙනවා මටත් webcard තිවුනානම් කියලා. මොනා කරන්නද? දුක තමා 18-

ela said...

elakiri

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා