Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අහම්බයෙන් අනාචාරයේ වැටිම.. 22





සෑම් | 6/20/2010 |



දිනකට හුවමාරු වන ඊ මේල් වලින් දෙසිය පනස්කොටියක්ම ළමුන්ට බැලිමට නුසුදුසු එවා හෝ..ලිංගික දර්ශන රැගත් එවා බව ෆැමිලි සේෆ් මිඩියා නම් ආයතනයක් පෙන්වා දි තිබේ..වැඩි දෙනක් කාර්යාල කටයුතු අතරතුර මෙම ඊමේල් හුවමාරුවේ යෙදෙන බවද ෆැමිලි සේෆ් මිඩියා ආයතනය කියයි..එහෙත් කාර්යාල වල වැඩ කරන්නන් වැඩි දෙනෙක් ලිංගික දර්ශන හා ඡයාරූප රැගත් වෙබ් අඩවි වලට පිවිසෙන්නේ හිතාමාතා නොව අහම්බයෙනි..වෙබ් ෆිල්ටරින් සමාගමක් වන සර්බෙරියන් ඉන්කෝපරේෂන්(Cerberian,Inc) හා ඉන්ටනෙට් ආරක්ෂාව පිලිබද සමාගමක් වන සොනික්වොල් ඉන්කෝපරේෂන් (Sonic WALL,inc) සමාගම එක්ව කල සමික්ෂණයකින් පෙනි ගොස් තිබෙන්නේ කාර්යාල සෙවයකයින් ගෙන් හතරෙන් තුන් දෙනක්ම වැඩි හිටි වෙබ් අඩවිවලට පිවිසෙන්නේ අහම්බෙන් බවය..
ඉන්ටනෙට් තුලින් යමක් සොයමින් සිටින විට හදිස්සියෙම මතුවන වින්ඩොවක් (Pop-up Windows) තුලින් ලිංගික කටයුතුවලට සම්බන්ධ (Porn) රූප පෙන්වයි...
කාර්යාලවලදි 55% දෙනා අහම්බෙන් ලිංගික දර්ශන දකින්නේ මේ හදිසියේ මතුවන වින්ඩෝ තුලිනි..
යම් වෙබ් අඩවියක් සොයාගන්නට සිතාගෙන අනුමාන වශයෙන් වෙබ් ලිපිනයක් (URL) සටහන් කරන විටත්,ඔනා කරන තාලේ වෙබ් අඩවියක් නොව ලිංගික ඡායා රූප චිත්‍ර පට කොටස් හා විස්තර ඇති වෙබ් අඩවි මතුවන්නට පුලුවන..කාර්යාලයෙදි මේ අහම්බය තුලින් ලිංගික කටයුතු වලට සම්බන්ධ වෙබ් අඩවිවලට පිවිසෙන්නන්ගේ ප්‍රතිශතය 52% කි..වෙබ් ලිපිනය ලියන්නට යන විට අකුරු මාරු විමෙන් හෝ අකුරු මගහැරි යාමෙන්ද සමහරවිට උපදින්නේ ලිංගික දර්ශන රැගත් වෙබ් අගවියක් වන්නට පුලුවන.කාර්යාල සේවකයින්ගෙන් 48% දෙනක් පමණ මේවැනි අකරතැබ්බල වලට මුහුණ දෙති..
තමන්ට ලැබෙන ඊමෙල් ලිපියක් කරන විට ඉබේම ඒ සමග ඇදි එන අසභ්‍ය (Porn ) වෙබ් අඩවි තිබේ..කාර්යාලයක වැඩ කරන්නන්ගෙන් 23% දෙනකු මේ වේබ් අඩවි හමු විමේ අත්දැකිම් තිබේ..
පොදුවෙ මේ ප්‍රතිශත දෙස බලන්නෙකුට පෙන්නේ..එක් පුද්ගලයෙක් ගත් විට මේ කියන අකාර කිහිපයකටම අනුව අහම්බයෙන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන බවය..

මේසේ එක් වරක් හො අහම්බයෙන් ලත් වෙබ් අඩවි නැවත නැවත පිරා බලන්නට දැන් මේ අය පුරුදු වෙති..
ඉන්ටර්නෙට් ෆිල්ටර් රිවිච් (Internet Filter Review) සගරාව පළ කල සමික්ෂණ වාර්තාවක් පෙන්වා දි තිබුනේ අවුරුද්දකට අසභ්‍යවෙබ් අඩවි පීරා බලන්නන් සංඛ්‍යාව හත්කොටි ව්සි ලක්ෂයක් බවය..මේ අයගෙන් 20% කාර්යාලවල වැඩ කරන පිරිමිය..13% කාර්යාලවල වැඩ කරන ගැහැණුය..අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන්නට ගැහැණු පිරිමි භේදයක් නැත්තා සේම ළමා ළපටි භේදයක්ද නැතිබව බිස්නස් වයර්(Business Wire) සහරාව පල කල වාර්තාවකින් පෙන්වා දි තිබුණේය..ඔවුන් පෙන්වා දි තිබුනේ ලොව පුරාම වෙබ් අඩවි වලට පිවිසෙන්නන්ගෙන් තිස් ලක්ෂයක් දෙනා අවුරුදු 17 අඩු බවය..මින් 21.2% ක් දෙනා අවුරුදු දා හතරට අඩු අයයි..එසේම මේ අයගෙන් 40.2% ක් දෙනා ගැහැනු දැරුවෝය...

මේහෙමත් වින්නැහියක්....ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ..?

ස්තුතිය
උපුටා ගත් සගරාව
විජය පරිගණක.

Fb comments:



22 Comment + :

Unknown said...

:n :n

සෑම් said...

@මහසෝණා

හි හි..

ඉලංදාරියා said...

ඔවු බන් මෙකනම් මහවදයක් වෙලා තියෙන්නේ... ගෙදර වැඩිහිටියො ඉසරහා මොකුත් වැඩක් කරන්න් බය වෙන්න වෙලා තියෙන්නේ......

සෑම් said...

@ඉලංදාරියා

එක නම් සිරා බන්..මටත් ඔය සේතෙම තමා තියෙන්නේ..

ජංජාල චාමර said...

අනේ මන්දා බං!

ඕක නවත්තන්න අමාරුයි!ඒත් සීමා කරන්න පුළුවනි!

දෙමව්පියන්ට පුළුවනි ඒ ගැන සැලකිලිමත් වෙන්න.එහෙම නේද සහෝ?එහෙම නැතුව සමාජයෙන් SEX ඉවත් කරන්න බෑනේ!

වඩා ප්‍රායෝගික දේ "සැලකිලිමත්කම" කියලයි මගේ පුංචි මොලේට වැටහෙන්නේ.

සෑම් said...

@ජංජාල චාමර
එක නම් සිරා බන්...කොච්ච්චර දැගලුවත් මෙක නවත්තන්න බැ..ඔව් බන් මෙක සිමා කරන්න පුලුවන්..එත් බන් කේල්ලෝ වැඩියෙන් Porn බලනවා කියන්නේ..කැත සින් එක නේ...ඔව් බන් දෙමව්පියන්ට පුලුවන් මේ ගැන සැලකිලිමත් වෙන්න..එට් එත් බන් දන් කාලේ ඉන්න පුන්චි අයියලා මාර ලෝකයො..මොනවා හරි කරලා Porn Video එකක් බලනවා..නැද්ද සහෝ..

ජංජාල චාමර said...

සිරාවට!5 වසරේ 6 වසරේ පොඩි එවුණුත් විනාසයි!!

සෑම් said...

@ජංජාල චාමර
ඔව් බන්..එක නෙවේ..මම උබේ අලුත් ලිපිය කියෙව්වා..එක කියවලා මට මාරට වැදුනා බන්...උබ නම් සිරා පොරක්...

Dilantha said...

This can not be true. I am usually use internet at lease 5 hours per day. I have never seen unexpected window of sex while searching academic and professional contents.

සෑම් said...

@Dilantha

ohhh its...ok bro...

තිළිණ මධුශංඛ said...

K9 Protection web filter මෘදුකාංගය ගැන, ඊයේ දෙවරක්ම comments දැමුවෙමි. දෙකම පළවූයේ නැත. මෙම බ්ලොගයේ අයිතිකරු, එය තමන් විසින් සොයා ගත්තාක් මෙන්, අනාගතයේදී ඒ පිළිබඳ ලිපියක් පළ කිරීමට සිතා සිටිනාවා විය හැකිය.

තිළිණ මධුශංඛ said...

මගේ අදහස් පළ කිරීම ගැන ස්තූතියි.

සෑම් said...

@වෙජී® (පුංචි එකා)

සහෝ..මේ සයිට් එක මගේ..ඔයා මේකට ඇව්ත් Spam Comments දානකොට මම කොහොමද බලන් ඉන්නේ..ඔයා ඊයේ දවසට Spam Comment දේපාරක් දැම්මා..ඔයා කැමතිද මම ඇවිත් ඔයාගේ සයිට් එකේ මගේ ලිපියක් ගැන Spam Comments එකක් දානවට..ඔයාට ඔයගේ ලිපිය කියවන්න කට්ටිය ගෙන්න ගන්න ඔනේ නම්..Spam Comments දල හරි යන්නේ නැනේ..SBU එකට බැදෙන්න..මට කවදවත් ඔයාගේ ලිපි අනාගතෙදි මම හොය ගත්තා කියාලා දාන්න කිසිම උවමනාවක් නැ..අයේ spam comments දාන්න එපා..
ස්තුති

තිළිණ මධුශංඛ said...

සහෝ, මම spam comments දැම්මේ නෑ. මම මගේ බ්ලොගය කරන්නෙත්, computers ගැන නෙමේ. මම ඒ මෘදුකාංගය හෝ ඔයාගේ ලිපියට අදාළ විෂය පිළිබඳ ලිපියක්වත් ලියලා නෑ. මට කළින් දාලා තියෙන comments කියෙව්වට පස්සේ මට හිතුනා, ඒ මෘදුකාංගය ගැන කියල comment එකක් දාන්න. Comments දෙකම පළවුනේ නැති නිසා තමා, මම අර වගේ දෙයක් කිව්වේ. පහළින් තියෙන්නේ පළ නොවුනු මගේ comment එක. මම දන්නේ නෑ ඇයි ඔයා මේකට spam comment කියන්නේ කියලා. කොහොම වුනත්, අපි මේකට රණ්ඩු වෙන්න ඕනි නෑ. :)
-----------------------------------
කට්ටිය මේ නොමිලේ දෙන, පුංචි මෘදුකාංගය දාගෙන බලන්න. මමත් දැන් ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනවා. ගොඩක් හොඳයි. :)

http://www1.k9webprotection.com

Windows 7 වල එහෙම මේක දාගන්න බැරි වුනොත් මෙහෙම කරන්න.
බාගත (download) කර ගත්ත ෆයිල් එක right click කරලා, "Properties" වලට යන්න. ඊට පස්සේ, "Compatibility" තෝරන්න. දැන්, "Compatibility Mode" යටතේ තියෙන "Run this program in compatibility mode for:" කියන එකේ හරි ලකුණ (tick) දාන්න. අන්තිමට, ඊට පහළින් තියෙන ලැයිස්තුවෙන් "Windows XP (Service Pack 3)" හෝ, "Vista" වගේ විකල්පයක් තෝරලා "OK" කරන්න. ගොඩක් වෙලාවට ඊට පස්සේ දාගන්න පුලුවන් වෙයි.

සෑම් said...

@වෙජී® (පුංචි එකා)

කවදාවත් නැ සහෝ..මට ඔයත් එක්ක රන්ඩු කරන්න ඔනේ නැ..බ්ලොග් එකේ ලින්ක් කරලා තියෙන comments දන්න බරි වෙන්නයි මම හදලා තියෙන්නේ..එක නිසා තමයි ඔයාගේ comments පල නොවුනේ,,එක නිසා ලින්ක් තියෙන comments දන්න එප..සහෝ..

තිළිණ මධුශංඛ said...

@සෑම්
ආහ්හ් ඒක තමා එහෙනම්. එහෙනම් අවුලක් නෑ. :)
සිදුවූ ප්‍රමාද දෝෂය ගැන අපගේ බලවත් කණගාටුව. ජය වේවා!!!

සෑම් said...

@වෙජී® (පුංචි එකා)
ස්තුති

Anonymous said...

මෙය විජය පරිගණක සඟරාවේ ලිපියක කොපියකි.

සෑම් said...

@Anonymous

ඔයාගේ සෙවිල්ල ගැන මම ගොඩක් සතුටු වෙනවා..මම විජය පරිගණක සගරවෙන් තම මෙක උපුටා ගත්තේ..ඔයට ඇස් පෙන්නේ නැද්ද මම ස්තුතිය දලා තියෙන තැන මොක්කද දලා තියෙන්නේ කියලා..ඔයාගේ උත්සහායට ගොඩක් ස්තුති

C0de BlUe said...

serials , cracks හොයන්න යනකොට ඔයවගේ pron popups එනවා නන්නත්තාර වෙන්න .

සෑම් said...

@හිඟන්නා

සිරා බන්...එතකොට විනාසයි

Anonymous said...

machan obage blog eka aelakiri

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා